Tuesday, 30 May 2023

සිංහරාජ වනාන්තරය

සිංහරාජය 

ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම නිසා යි. එම තීරණය ලබාදීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය දක්වනු ලැබුවා. එලෙස විරෝධය දැක්වූ පාර්ශවයන් පවසා සිටියේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංවේදී පරිසර පද්ධතියක් තිබෙන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවන බව යි. 1989 වසරේ දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ සිංහරාජ වනාන්තරය ගැන බොහෝ දෙනෙකු මේ දිනවල උනන්දුවක් දක්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සිංහරාජ වනාන්තරය තුළ මීටර් 600කට වඩා උසකින් යුත් කඳු මුදුන් 5ක් පිහිටා තිබෙනවා. සිංහරාජයේ උසම ස්ථානය මීටර් 1171ක පමණ උසකින් පිහිටා තිබෙන හිනිපිටිගල කන්ද යි. පහත දක්වා ඇත්තේ සිංහරාජයේ උසම කඳු මුදුන් පහ යි.

1) කොස්ගුලන 

2) සිංහගල 

3) මුලා වැල්ල 

4) හිනිපිටිගල- නැගෙනහිර 

5) හිනිපිටිගල- බටහිර 

සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන ප්‍රදේශයට මි.මී 3000-6000 අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතිනවා. මෙම ප්‍රදේශයට හොඳින් වර්ෂාව පතිත වන නිසා සුන්දර දිය ඇළි කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. බ්‍රාහ්මණ ඇල්ල, දූව්ලි ඇල්ල, සහ ඌරා වැටුණු ඇල්ල එම දිය ඇළි කිහිපය අතරට අයත් වනවා.

සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන සිංහරාජ නිවර්තන තෙත්  වනාන්තරය රත්නපුරය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. හෙක්ටයාර 11187ක විශාලත්වයකින් යුත් සිංහරාජ වනාන්තරය එක් එක් දිශාවෙන් මායිම්ව ඇත.

*දකුණු දිශාවෙන්- ගිං ගඟ සහ මහදොළ 

*උතුරු දිශාවෙන්- නාපොල දොළ සහ කොස්ගුලන ගඟ 

*බටහිර දිශාවෙන්- කළුකන්දාව ඇළ සහ කුඩව ගඟ 

*නැගෙනහිර දිශාවෙන්- මෝනිංසයිඩ් වතු යාය 

එසේම සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග 4ක් ඇත.එනම්,

🌻දෙනියාය-පල්ලේගම මාර්ගය 

🌻කලවාන-වැද්දාගල මාර්ගය 

🌻රක්වාන-මෝනිංසයිඩ් මාර්ගය 

🌻හිනිදුම-නෙළුව මාර්ගය

 පරිසර විනාශය 

සිංහරාජ වනාන්තරයට මුලින්ම ප්‍රවේශ මාර්ගයක් ඉදිකළේ 1963 වසරේ දී යි. ඒ වැද්දාගල සිට කුඩාව දක්වා යි. පසු කලෙක කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ සමාගමේ සහාය ඇතිව කොස්ගම තුනී ලෑලි සංස්ථාව පිහිටුවා ඒ සඳහා අවශ්‍ය දැව ලබාගැනීමට සිංහරාජ වනාන්තරයේ උතුරු ප්‍රදේශයෙන් හෙක්ටයාර 5000ක පමණ බිම් ප්‍රදේශයක් වෙන් කර දැව හෙලීම් ආරම්භ කරනු ලැබිය. මීට අමතරව,,

1) සතුන් දඩයම් කිරීම 

2) ඇළ දොළ සහ ගංඟාවලින් අනවසරයෙන් වැලි ගොඩ දැමීම 

3) වල්ලාපට්ටා කැපීම 

4) දොරණ තෙල් ලබාගැනීම සඳහා ගස්වලට හානි කිරීම 

5) පැලෑටි ගැලවීම සහ බට වර්ග කැපීම

ලෝක උරුමයක් බවට පත්වීම 

ජලපෝෂක ප්‍රදේශයක් ලෙස මෙම වනාන්තරයෙහි ඇති වැදගත්කම, ජෛව විද්‍යාත්මක වැදගත්කම සහ ඉන් සිදුකරන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා බලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ජාත්‍යන්තර මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කෙරුනේ 1978 වසරේ දී යි. 1988 වසරේ දී මෙහි ඇති ජාතික වැදගත්කම ගැන සකලා බලා ජාතික උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා. ඉන් වසරකට පසුව එනම් 1989 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය.

කෙසේ වෙතත් සොබා දහම විසින් දායාද කළ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන පරිසර විනාශය බොහෝ කාලයක සිට සිදුවෙමින් පවතිනවා. විවිධ ක්‍රමයන් ඔස්සේ සිදුවෙමින් පවතින පරිසර හානිය මඟින් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව තිබෙන දුර්ලභ ශාකවලට මෙන්ම එහි සිටින දුර්ලභ සතුන්ට ද හානියක් විය හැකියි. එම නිසා මෙම පරිසර පද්ධතිය රැකගැනීම සඳහා හඬක් නැගිය යුත්තේ පරිසරයට ආදරය කරන මහජනතාව යි. එම නිසා ඉදිරියේ දීත් අප සැම එකතු වී සිංහරාජය නම් වටිනා වන සම්පත රැක ගනිමු.






23 comments:

  1. ♥️♥️

    ReplyDelete
  2. ❤❤❤❤

    ReplyDelete
  3. ♥️♥️

    ReplyDelete
  4. Nice bole❤️

    ReplyDelete
  5. Nice work ❤️❤️

    ReplyDelete
  6. ❤️❤️❤️💜💜💜

    ReplyDelete
  7. ❤️❤️❤️❤️

    ReplyDelete
  8. Great work 🤘

    ReplyDelete
  9. වෑව්

    ReplyDelete
  10. ❤️❤️

    ReplyDelete

සිංහරාජ වනාන්තරය

සිංහරාජය  ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය ප...